2025/26 ආදායම් බදු වර්ෂය 2026.03.31 දිනෙන් අවසන් විය. ඒත් සමගම අපෙන් ගොඩදෙනෙක් අහන දෙයක් තමයි මෙම වර්ෂය සදහා ආදායම් බදු ගනනය කරන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු දේශීය ආදායම් බදු පනතට අනුව 2025/26 වර්ෂය සදහා ගෙවිය යුතු ආදායම් බදු ගනනය කරන්නේ කොහොමද කියලා.
2025/26 බදු වර්ෂය සදහා බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 18 කි. ඉන් අනතුරුව එලබෙන පළමු ලක්ෂ 10 සදහා අදාළ වන බදු අනුපාතය 6% කි.
ඊළග ලක්ෂ 5 සදහා අදාළ බදු අනුපාතය 18% කි.
ඊළග ලක්ෂ 5 සදහා අදාළ බදු අනුපාතය 24% කි.
ඊළග ලක්ෂ 5 සදහා අදාළ බදු අනුපාතය 30% කි.
ඉතිරි සමස්ත ආදායම සදහාම 36% කි.
දැන් අපි උදාහරණයක් ලෙස හිතමු පුද්ගලයෙකුගේ තක්සේරු කළ හැකි ආදායම එනම් රැකියාවකින් ලැබෙන ආදායම, ආයෝජන ආදායම සහ ව්‍යාපාර ලාභය යන තුනෙහි එකතුව රුපියල් ලක්ෂ 45 ක් කියලා. එවැනි අවස්ථාවක පහත දැක්වන පරිදි ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බදු මුදල ගනනය කළ හැකිය.
මෙම ආදායමෙන් පළමු ලක්ෂ 18 බද්දෙන් නිදහස්ය.
ඊළග ලක්ෂ 10 සදහා 6% බැගින් බදු මුදල රුපියල් 60,000 කි.
ඊළහ ලක්ෂ 5 සදහා 18% බැගින් බදු මුදල රුපියල් 90,000 කි.
ඊළහ ලක්ෂ 5 සදහා 24% බැගින් බදු මුදල රුපියල් 120,000 කි.
ඊළහ ලක්ෂ 5 සදහා 30% බැගින් බදු මුදල රුපියල් 150,000 කි.
ඉතිරි ලක්ෂ 2 සදහා 36% බැගින් බදු මුදල රුපියල් 72,000 කි.
ඒ අනුව ඔහු විසින් ගෙවිය යුතු සමස්ත බදු මුදල රුපියල් 492,000 ක් බව පෙනේ.
අප හිතනවා ඔබට නව බදු අනුපාත යටතේ 2025/26 බදු වර්ෂය සදහා ගෙවිය යුතු ආදායම් බද්ද ගනනය කිරීම ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.
ඒ වාගේම වෘත්තීය බදු උපදේශකවරු වශයෙන් අප ඔබට සහයෝගය දෙනවා ඔබ විසින් ගෙවිය යුතු ආදායම් බදු මුදල ගනනය කිරීමට සහ ආදායම් බදු වාර්ථාව මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යොමු කිරීමට.
වැඩි විස්තර 071 4453229 අංකයට දුරකතන ඇමතුමක් දීමෙන් හෝ WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලබා ගත හැක.

No comments:
Post a Comment